පියුමිලාට දඩුවමක් ලෙස නිරෝධායනය නොදුන්නේ ඇයි - චමුදිත පුනපුනා ඇසූ හැටි

 


අද (2) දින සන්ධ්‍යා කාලයේ පියුමි හංසමාලි ඇතුළු පිරිස බණ්ඩාරවෙල පස්සර ප්‍රදේශයේ නිරෝධායනය පිණිස යොමු කිරීමෙන් පසු පියුමි ෆේස් බුක් ලයිව් පැමිණ චමුදිත සමරවික්‍රම මෙහෙයවූ රූපවාහිනී වැඩසටහනක් දැඩි විවේචනයට ලක් කළාය.

මීට දින දෙකකට පෙර 31 වනදා රාත්‍රී විකාශයවූ හිරු ටීවී සලකුණ නමැති එම වැඩසටහනේදී මේ අයට දඩුවමක් ලෙස නිරෝධායනය නොදුන්නේ ඇයිද යන්න චමුදිත පුනපුනා අසනු දකින්නට ලැබේ. නිරෝධායනය ලබාදීම පොලිසියට අයිති කාරියක් නොවන බවද නි.පොලිස්පති අජිත් රෝහණ පවසන නමුත් නීතිය සැමට සාධාරණ වියයුතු බව දක්වමින් ඔවුන් මිනිත්තු 15 ක් පමණ ඒ ගැටලුව සාකච්ඡාවට ලක්කරනු හදුනාගන්නට ලැබේ. පියුමි කුපිත වන්නේ ඇප ලබාදුන් තමාව නැවත කැඳවා නිරෝධායනයට යොමු කිරීමට පොලිසිය කටයුතු කළේ මෙම වැඩසටහන නිසා බව කියමිනි.

Previous Post Next Post