ශාන්තිකර්මයක් කරන මුවාවෙන් දේවාලය තුළදීම 45 හැවිරිදි කාන්තාවක් අපයෝජනය කළැයි සැකපිට දේවාල කපුවෙකු 19දා අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලීසිය පවසයි. 60 හැවිරිදි සැකකරු වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අගතියට පත් කාන්තාව විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අගතියට පත් කාන්තාව කොළඹට ආසත්ත ප්‍රදේශයක පදිංචිව සිටින අතර ඇයගේ ඥාතිත් ශාන්තිකර්ම කරවා ගැනීමට සහ ජෛන ශාස්ත්‍ර ඇසීමට පසුගිය කාලයේ මෙම කපුවාගේ දේවාලයට පැමිණ ඇති බවත්, ඒ වනවිට මෙම කාන්තාවගේ සැමියා විදේශගතව සිට ඇති අතර, එම කාලය තුල කපුවා ඇයගේ නිවසටද ගොස් විවිධ ආරක්ෂාවන් සහ ශාන්තිකර්ම කර රුපියල් ලක්ෂ ගණනක් ලඛාගෙන ඇති බවත් පසුව සැමියා ලංකාවට පැමිණ ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ අතර ඉකුත් 8වන දින ඥාතීන් සමග ඇයද වදුරඹ කපුවාගේ දේවාලයට පැමිණි අවස්ථාවේ කොළඹ පැණි වරකා නැති නිසා තමාගේ වත්ත පහලට ගොස් වරකා කන ලෙස කපුවා ඥාතීන්ට පවසා කාන්තාව පමණක් දේවාලයේ රදවාගෙන ඇති අතර, ඇය දේවාලය තුළට ගෙන කාමරයේ දොර වසා ව්‍යාජ ආරුඪ බවක් පෙන්වමින් බෙල්ලට පිහියක්ද තබා ඇය බියට පත්කොට අපයෝජනය කර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුව ඇය මේ බව සොහොයුරියට පැවසීමෙන් එම ප්‍රදේශයේ පොලීසියට ගොස් පැමිණිලි කිරීමෙන් පසු වදුරඹ පොලීසියට එවා ඇත. ඒ අනුව සැකකාර කපුවාපිහියද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇත.සැකකරු බනීදේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.සිද්ධිය සම්බන්ධයෙන් වදුරඹ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂන රුක්මන් කුමාර, උපපොලිස් පරික්ෂක අබේරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
Source - https://www.gossiplankanews.com/2021/05/wanduramba-incident.html