කෝවිඩ්-19 වෛරසයේ කවර ප්‍රභේදය පැමිණියද එහි පැතිරීම එක ලෙස සිදුවන බවත්, කුමන වෛරස් ප්‍රභේදයක් සඳහා වුවද ජනතාවට අනුගමනය කිරීමට ඇත්තේ එකම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් බැවින් ජනතාව කළ යුත්තේ එම පිළිවෙත් නිසි පිරීදී අනුගමනය කිරීම බවත්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
මලවිගේ මහත්මිය මේ බව පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයවිසින් ජාතික මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේදී 'කෝවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය’ නමින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය. කුමන ප්‍රභේදය මෙරටට පැමිණියද ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නේ අදාළ තොරතුරු සෞඛ්‍ය අංශ, වසංගත අංශ සහ කෝවිඩ් පාලන අංශ වෙත ලබාදී එම අංශ ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිසා බවත්, මහජනතාවට ඒ සම්බන්ධයෙන් වෙනස් කරගත යුතු දෙයක් නොමැති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.එනම් බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහ ඉන්දියානු ප්‍රභේදය පැතිරීමේ වේගය වැඩි බැවින් වෙනදාට වැඩියෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින්, සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයා අත්‍යවශ්‍යම දෙයකට හැර නිවසින් බැහැර නොයා කටයුතු කිරීම වැදගත් බවද මහාචාර්යවරිය අවධාරණය කළාය. කෝවිඩ්-19 ප්‍රභේද එකසිය ගණනක් ඇතත් භයානක ප්‍රභේද වශයෙන් බ්‍රිතාන්‍ය ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය, බ්‍රසීල ප්‍රභේදය සහ ඉන්දියානු ප්‍රභේදය යන ප්‍රභේද 04ක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වනවිට නම්කර ඇති බවත්, එම ප්‍රභේද දරුණු ප්‍රභේද ලෙස සැලකීමට හේතු වන්නේ ව්‍යාප්තිය වැඩිවීම, ආසාදනය වුවහොත් සංකුලතා දරුණු වීම, මියයැම් වැඩිවීම සහ එන්නත් ලබාගත් අයටද වැලඳීම යන සාධක හේතුවෙන් බවද මහාචාර්යවරිය පැවසුවාය.
කාර්යාලවලදී පීරීස් ඒකරාශී වෙමින් ආහාර ගැනීම සිදු නොකළ යුතු බවද, මෙම වකවානුවේ සමබල ආහාර වේලක් ගැනීම මගින් තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යෑමට හේතු වන බවත් මහාචාර්යවරිය අවධාරණය කළාය. ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර යනුවෙන් විශේෂ ආහාර නොමැති බවත්, සමබල ආහාර වේලක් ගැනීමෙන් ප්‍රතිශක්තිකරණය වර්ධනය වන බවත් ඇය සඳහන් කළාය,
ආරක්ෂා වීම වැදගත් බව පැවසු ඇය,කිරිදෙන මවුවරුන් සඳහා එන්නත් 04න්ම කිසිදු බලපෑමක් නොමැති බවද කියා සිටියාය. ලොව පුරා එන්නත් වැඩිපුර නිර්මාණ කෙරුණේ වූහාන් ප්‍රභේදයට බවත්, වූහාන් ප්‍රභේදය යම් යම් වෙනස්කම්වලට භාජනය වෙමින් රටවල පැතිර ගොස් ඇති බවත් කී මහාචාර්යවරිය, මෙම එනත් බ්‍රිතාන්‍ය ප්‍රභේදය හමුවේ ඉතා හොඳින් ආරක්ෂාවක් ලබාදෙන බවට දත්ත ඇති බවද කියා සිටියාය.
ආරක්ෂා වීම වැදගත් බව පැවසු ඇය,කිරිදෙන මවුවරුන් සඳහා එන්නත් 04න්ම කිසිදු බලපෑමක් නොමැති බවද කියා සිටියාය. ලොව පුරා එන්නත් වැඩිපුර නිර්මාණ කෙරුණේ වූහාන් ප්‍රභේදයට බවත්, වූහාන් ප්‍රභේදය යම් යම් වෙනස්කම්වලට භාජනය වෙමින් රටවල පැතිර ගොස් ඇති බවත් කී මහාචාර්යවරිය, මෙම එනත් බ්‍රිතාන්‍ය ප්‍රභේදය හමුවේ ඉතා හොඳින් ආරක්ෂාවක් ලබාදෙන බවට දත්ත ඇති බවද කියා සිටියාය.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala
gossip sinhala news update
hiru gossip sinhala video