මම O/L විතරයි කරන්නේ AL කරන්න හම්බ වෙන්නේ නැහැ -රොෂාන් රවින්ද්‍ර



ඔහුට අපි හදවතින්ම ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන දක්ෂතාවයටත් වඩා මනුස්සකමට. ඉතාමත් ආදරයෙන් අපි ඔබව පිළිගන්නවා. මේ රොෂාන් රවින්ද්‍ර රාජපක්ෂ.මම නම කිව්වා හරි නේද?
කොහොමද හොයගත්තේ රාජපක්ෂ කියන නම? රාජපක්ෂ කියන්නේ ඇත්තටම එක නිකන් වස්සාන සිහිනයට සෙනෙෂ් දාපු නමක් එක. මට ඇත්තටම තියනවා රාජපක්ෂතේවගේ රවින්ද්‍ර කුමාර කුරුණාචන්ද්‍ර මගේ සම්පුර්ණ නම. රොෂාන් කියලා එකක් නැ මට උප්පැන්න සහතිකේ.. ඒත් හැමෝම කියන්නේ රොෂාන් කියලා..


රොෂන් රවින්ද්‍ර ගේ බාල කාලේ ඉඳන්ම අපි පටන් ගමු.. මගේ අමස්මා කොට්ටාවේ. තාත්තා පිළියන්දල. මගේ මුල්කාලේ මම පාසල් යන්නේ කොට්ටාවේ රුක්මල්ගම මහා විද්‍යාලයට. ඊටපස්සේ ගෙදර පොඩි පොඩි හැල හැප්පිම් එක්ක ආයිත් එනවා පිළියන්දලට. පිළියන්දල තමයි හරියටම මම ස්ථාන ගත වෙන්නේ. මම O/L විතරයි කරන්නේ AL කරන්න හම්බ වෙන්නේ නැ මට.  පස්සේ මට හිතෙනවා රාස්සවක් කරන්න ඕනි කියලා. පවුලේ අපේ හතරදෙනෙක් හිටියා. මම තමයි බාලයා.. ඉතිං මම රාස්සාවකට යනවා..


ඇයි උසස් පෙළ කරන්න හිත දුන්නේ නැත්තේ?
ගෙදර වටපිටාවත් එකට බලපෑවා සහ මට ඇත්තටම ඕන වුනේ cricketer කෙනෙක් වෙන්න. මම ගොඩක් බැනුම් අහලා තියනවා අම්මාගේ යළුවන්ගේ  කොල්ලෝ ක්‍රිකට් ගහන්න එක්කන් ගිහින්.. මම පිළියන්දල කොල්ලෝ අතර ජනප්‍රිය වුනේ cricketer කෙනෙක් විදියට. නමුත් පාසල් යන කාලේ ඉඳන්ම රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ කියන හීනය තිබිලා තියනවා.. මගේ ගෙවල් අවට හිටියා මගේ හොඳ යාළුවෝ ටිකක්. ඒ හිටපු යාළුවෝ හොඳ ඉස්කෝල වලට ගියේ. මට ගණන් පාස් කර ගන්න බැරි වුනා දෙවනි පාරත්. මම ඊළගට කල්පනා කරා මෙහෙම්මම හෝටල් ක්ෂේත්‍රයට යන්න. මම ඒ course එකට දාලා ටික දවසක් ඉන්නකොට මම වැඩ කරා තැන් කිහිපයක. කොල්ලුපිටියේ තියෙන sponge එකෙත් මම වැඩ කරා කාලයක්. එකේ වැඩ කර කර ඉද්දී මගේ තුරුවරයෙක් වෙන ප්‍රියන්ත සිරිකුමාර මහත්මයා මාව සහයකයෙක් විදියට අරගෙන ගියා. ඒ අරගෙන ගිය පළවෙනි දවසේ ඉඳන් මම තීරණය කරා මම මගේ ආඩුපාඩු හදාගෙන මේ ගමන යන්න ලැස්ති වෙන්න ඕන කියන එක. ලංකාවේ තියනවා නම් කෙහේහරි රංගන ශිල්පියෙක් වෙන්න වැඩමුළුවක් තියනවා කියලා මම නොගියපු තැනක් නැ.. මම එකට සහභාගි වෙලා විතරක් නෙමෙයි එක ඉවර වෙනකන් වැඩ කරලා තියනවා. තරුණ සේවා සභාවේ අවුරුදු  දෙකක diploma එක කරා. සෝමලතා සුබසිංහ මහත්මිය ගාව ,කෞෂල්‍යා ප්‍රනාන්දු ගාව මම ඉගෙනගෙන තියනවා.. මහේන්ද්‍ර පෙරේරාගේ workshop එක ආරම්භ කරන්නේ අපි. එහෙම ගත්තම සුබෝධිය ඒ වගේම හුඟක් තැන් වලට ගිහිල්ලා තියනවා මම.


මට ආස හිතුනා රංගන ශිල්පියෙක් කියන එක හදාරන්න ඕනේ.. මාත් එක්ක වැඩ කරපු ඒ හැමෝම කිව්වේ මම එළියේ ඉඳන් මේකප් කරාට assistant විදියට වැඩ කරාට ඒ හැම එකේදීම වැඩ කරාට මගේ ආසාව තිබුනේ රංගන ශිල්පියෙක් වෙන්න කියන එක එයාලා දැනගෙන හිටියා. මට ආස හිතුනාට ඔයාට ආස හිතුනාට නිකන්ම රංගන ශිල්පියෙක් වෙන්න බැහැ. මාත් එක්ක එකතුවෙලා එකට කාමර වල හිටපු ගොඩක් යාළුවෝ කැම්පස් වල ඉගෙන ගත්ත යම් හැදැරීමක් තිබුන මිනිස්සු.. නරක ගිරවෙක් හොඳ ගිරව් ගොඩට වැටුනාම හැදෙනවා වගේ මම එතින්න් හැඳුනා කියලා මම විශ්වාස කරනවා..


වේශ නිරූපණ ශිල්පියෙක් විදියට ජිවිතය ආරම්භ කරලා කලා ලෝකයේ ඔබ සහය අධ්‍යක්ෂකවරයෙක් වෙනවා ටෙලි නාට්‍ය වල.. ඊටපස්සෙ මුල්ම ටෙලි නාට්‍ය ශිල්පියෙක් විදියටද සහභාගි වෙන්නේ?

ටෙලිනාට්‍ය ශිල්පියෙක් විදියට..මම එ කාලේ එක්තරා film එහෙක වැඩ කරා. යාශෝදා සහ කමල් අයියා එකේ act කරේ.. අපි කල්තොට හිටියේ. මට කෝල් එකක් ආවා ඒ අධ්‍යක්ෂකවරයාගෙන්.. පොඩි interview එකක් තියනවා එන්න කියලා.. එහේ ඉඳන් මම කොළඹ ආවා.. මට කිව්වා අපි කරන අලුත් ටෙලිනාට්‍ය කොල්ලා හැටියට මම ඔයාව තෝරගෙන ඉවරයි.. අනිත් අයව මම තාම හොයනවා. මම කල්පනා කරා මාව තෝරගෙන ඉවරයි කිව්වාම මොකද්ද මේ වුනේ කියලා. මොකද එක ලොකු අවස්ථාවක්නේ.. හැබැයි ඊටකලින් වැඩකරපු ගොඩක් ඒවායි මට කතා කරලා තියනවා මල්ලි මේක කරන්න එන්න්කෝ කිය කිය..මම කවදාවත් ගිහිල්ලා නැ. මොකද මගේ target එකක් තිබුනානේ.. ප්‍රධාන චරිතයක් කරන්න අවස්ථාවක් හම්බවුණේ මෙකෙන් මට. මට මතකයි එකේ මමයි අංජුලා රාජපක්ෂයි තමයි රඟපෑවේ.. චතුරිකා පිරිස් එකේ චුටි කැල්ලකට ඇවිල්ලා රඟපලා ගියා..


ඔබ හැමවිටම  මිනිස්සු අතරට ගියේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදියට නෙමෙයි. චාරිතාංග රංගන ශිල්පියෙක් විදියට.. මේ දෙකේ ඔබට වෙනසක් තේරුනාද?
මම රංගන ශිල්පියෙක් විදියට මුලින්ම මේකට පය තිබ්බා නම් මම හිතනවා මමත් යයි ජනප්‍රිය ධාරාවේ.. මම හුඟාක් වේලාවට මෙකේ කාර්මික ශිල්පියෙක් විදියට වැඩ කරපු හින්දා මට තේරුනා ඒ දෙක අතර තියන වෙනස. ජනප්‍රියත්වය මිනිහෙක්ට තියෙන්න ඕනේ නමුත් ඒ ජනප්‍රියත්වය ඇතුලේ අධ්‍යාත්මිකවත් එකේ ඇතුළේ තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.. ජනප්‍රියත්වය ඇතුළේ තියෙන්නේ හුදෙක්ම තරඟකාරීත්වයක් විතරයි. රංගන ශිල්පියෙක්ට තරඟකාරීත්වයට එහා ගිය දැනුමක් ඕන වෙනවා.. රංගන ශිල්පියෙක්ට චාරිතයක් තෝරගන්න පුළුවන් වෙන්නේ එකේ අත්දැකීමක් තියනවා නම් ඒ දේශපාලන වටපිටාව ගැන අත්දැකීමක් තියනවා නම් හැදෑරීමක් තියනවා නම් එහෙම නැතුව බැ.. මහෙන්ද්‍ර පෙරේරාට චරිතයක් දුන්නම එතුමා චරිතයකට සමවාදින වේලාව හරි ඉක්මන්.. ක්ෂණිකයෙන් එකට එනන් පුළුවන්. හේතුව එතුමාට එතරම් අත්දැකීම් ගොන්නක් තියනවා.. අපි හැමෝටම ජිවිතේ අත්දැකීම් තියනවා..නමුත් ඒ අත්දැකීම නැවත පෙරළලා ගෙන්නේ කෙහොමද කියන එක දක්ෂතාවයක්.. ඉතිං මමත් හිතනවා ඒ වගේ කුසලතාවයක් මටත් තියනවා කියලා.චරිතයක් තොරගද්දී මම හැම තිස්සේම බලනවා මේක යථාර්ථයක් තියෙන චරිතයක්ද කියලා.  


ඔබ නිරූපණය කර චරිත දිහා බැලුවාහම ඒ හැම එකක්ම හදවතේ රැඳෙන චරිත , මිනිස්සුන්ට දැනෙන චරිත.. මෑත කාලේ ඔබ නිරුපණය කරපු සහෝදරයා චරිතය ,වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යෙය් චරිතය ,සත්‍යා ටෙලි නාට්‍යෙය් චරිතය මේ වගේ ටෙලි නාට්‍ය වල රඟපාපු හැම චරිතයක්ම මිනිස්සුන්ගේ හිත් තදින් පැහැරගත්තා. මේ චරිත මේ තරම් හොඳින් රඟපාන්න ඔබ කෙහොමද අත්දැකීම් ලැබුවේ?
මම තෝරගත් චරිත සහ මට කතා කරපු චරිත වල තර්තයක් තියෙනවා. සහෝදරයා ගත්තොත් එකේ රචකයාට ඒ පිටපත ලියන්න මහ පොළොවේ අත්දැකීම් ටිකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතිං අජන්ත තියකන චරිතය පෙළගස්වලා තිබුනා විදිය හරි නිර්මාණාත්මකයි.


අනාන්ද අබේනායක මහත්මයා ඔබ ගොඩක් ළඟින් ඇසුරු කරන කෙනෙක්.එකපාරටම වීරයා ගෙදර ඇවිත් පිටපත ඔබට භාර දීලා මේ චරිතය කරන්න කිව්වාම මොන වගේ හැඟීමක්ද හිතට දැනුනේ?
අනාන්ද අබේනායක  කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවිණතම දක්ෂතම හරි නිහඬ අධ්‍යක්ෂකවරයෙත්. එතුමාගේ නාට්‍ය වල රඟපාන්න මම පොඩි කාලේ ඉඳන්ම හරි ආසයි. එතුමා නාට්‍ය හසුරවන විදිය මම දැකලා තියනවා.. මට අනාන්ද  මහත්මයා කතා කරාම රොෂාන් මෙහෙම ගෙදර එන්න කියලා මම ඒ ගෙදර ගියාම මම හරි සතුටක් විඳිනවා. මොකද ඔහු ඉන්නේ අපේ රංගන ශිල්පියෙක් වෙච්ච ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ ගෙදර . මම ඒ අත්දැකීම් ටික ලබමින් එතුමාත් එක්ක ජිවිතේ බෙදා ගන්න හම්බ වුණ එකට මම හරි කැමති.. එතුමාත් එක්ක මම ගොඩක් වැඩ කරලා තියනවා. වීරයා ගෙදර ඇවිත්  ටෙලිනාට්‍ය කරද්දී මම හිටියේ ජර්මනියේ. මට එහේට කොල් කරනවා .මම උදේ නැගිටින්නේ සමාන්‍යෙයන් අනාන්ද අබේනායක මහත්මයාගේ  කොල් එකෙන් තමයි. රොෂාන් මම මෙහෙම වැඩක් කරනවා මට මේ වැඩේට ඔයාව ඕනේ.. මම එ වෙද්දී මගේ තණමල් විල නාට්‍යයේ වැඩට ගිහිල්ලා තිබ්බේ.. එතකොට ඔහු කිව්වා ඔයා නැතුව මේක මම කරන්නේ නැ කියලා.. පිටපත ලංකාවේදී කියෙව්වා ලංකාවට ආව ගමන්ම මට පිටපත හම්බ වුණා කොටස් 15. ඒ කොටස් 15 බැලුවාම මට හිතුණා මේක තමයි මගේ චරිතේ කියලා. මගෙන් කවුරුහරි ඇහුවොත් රඟපාපු එවායින් ආසම එක මෙකදද් කියලා මම කියන්නේ වීරයා ගෙදර ඇවිත්..


ඔබ මේ චරිතය නිසාම වෙන්න ඇති සුමති සම්මාන උළෙලදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණේ ? ඕව් අනිවරේයෙන්..ඉතිං මම හිතනවා මම වෙච්ච ඒ මහන්සියට ප්‍රතිඵල එදා ලැබුනා කියලා.. මට හොඳ crew එකක් හම්බ වුණා..

තණම්ලවිල කොල්ලෙක් කියන්නේ රොෂාන් රවින්ද්‍රගේ පළවෙනි අධ්‍යක්ෂණය නේ.. මොකද්ද මේ මනුස්සයා කරන්නේ? ඒ කුතුහලේ තිබුනා හිතේ. හැබැයි ඔබ පුදුමාකාර විියට ප්‍රේක්ෂකයින්ව ග්‍රහණයට අරගත්තා. මේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොමද?
මගේ පළැවැනිම අධ්‍යක්ෂණය තමයි ආනන්ද අබේනායක මට දුන්නා  සංසාරේ පිය සටහන් කියලා එකාංගික ටෙලිනාට්‍ය. එකේ මට 2012 වසරේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ලැබුනා. ඊටපස්සේ මගේ දෙවැනි එතතමයි තණමල්විල කොල්ලෙක්. තණමල්විල කොල්ලෙක් script එක ලියන්න පාදක වෙන්නේ මගේ තාත්තගේ මරණේ. මගේ යළුවෙක් ඇවිල්ලා අපේ ගෙදර මගේ තාත්තගේ මරණෙ ඒ දවස් හතම හිටියා. එතනදී තමයි අපි ටෙලිනාට්‍යක් ලියමු කියලා පළවැනියටම අදහස ආවේ. මේක මගේ ජිවිත කතාව නෙමෙයි. හැබැයි මේක අපේ ජිවිත කතාව. මම කතා කරනනේ 1996 කාල සීමාව ඉඳන් 2004 -2005 වෙනකන් ඒ කාල සීමාව.. ඒ අපේ කාල සීමාව. මට එකට පිටරට ඉඳන් කොච්චර මිනිස්සු කතා කරාද...


2019 - 2021 මගේ හැරවුම් ලක්ෂ්‍යය කියලා මම හිතන්නේ. වීරයි ගෙදර ඇවිත් ටෙලි නාට්‍යට මට ලංකාවෙන් පිට ඉන්න හුඟාක් ප්‍රේක්ෂකයෝ මට කතා කරා. සමහර අය මට කතා කරලා කියනවා ඔකේ වැවේ නෑවට අපි නැවේ pool එකේ කියලා.. මම හිතනවා ඉතිං මේ හැමදේම නිසාම මේක හැමෝටම පොදු කතාවක් කියලා.. එවකට ටෙලි නාට්‍ය කියලා මිනිස්සු විශ්වාස කරන් හිටිය ටෙලි නාට්‍ය සම්ප්‍රදාය වෙනස් වුනා පොඩ්ඩක් තණමල්විල කොල්ලෙක් නිසා.. ඒ නිසා තමයි මේක ජනප්‍රිය වුණේ..


ඔබ රංගන ශිල්පියෙක්. මේ ටෙලි නාට්‍ය පුරාවටම යන ප්‍රධාන චරිතයත් බොහෝම වැදගත්. බොහෝවිට අධ්‍යක්ෂකවරයාටම රඟපාන්න හිත දෙන්න පුළුළුන්නේ.. හැබැයි ඔබ අවස්ථාව දෙන්නේ ඉතාම තරුණ රංගන ශිල්පියෙකුට. ධනුක ඩිල්ෂාන්ට. ධනුකව තෝරගන්න ඔබට හිතුනේ කොහොමද?
ඕක අවුරුදු 10ක් විතර ලියාගෙන හිටිය පිටපතක්නේ. මේක ප්‍රධාන ධාරාවේ අධක්ෂකවරුන් කිහිපදෙනෙක් අතරේ  මාරු වෙච්ච පිටපතක්..  එකේ හැමෝම ඇතුළේදී මම තමයි ප්‍රධාන චරිතයට හිටියේ. එත් මම මේක කරද්දී හිතුනා මගේ කාලේ පැනලා දැන් මම ඉස්කොලේ කිට් එකක් ඇඳලා ඉස්කොලේ ළමයෙක් විදියට රඟපාන්න යනවා කියන්නේ සුදුසු වැඩක් නෙමෙයි. ඉතිං මම මේක ඊළඟ පාරම්පරාවට අරගත්තා. මම රඟපාන කාලේ හිටියේ ධර්මප්‍රිය ඩයස්, සුජීව ඒ වගේ අපේ ඉස්සෙල්ලා පරාම්පරාවේ කට්ටිය.. මේකෙදී මම ඇසුරු කරලා තිබ්බා දසුන්ලා , ධනුකලා මම දැක්කේ ධනුකගෙන් මගේ පිළිහිඹුවක් විදියට. මට හිතුනා මේක ඔහුට කරන්න පුළුවන් වෙයි කියන දේ.. බාධක මැද්දේ මම ධනුකව තෝරගත්තා.මේක ඇත්තටම ගඟේ අනිත් පැත්තට පිනුවා වගේ වැඩක්. ඒ කාලේ මේ වගේ වියදම් කරලා ටෙලි නාට්‍ය කරන්නේ නැ.. අනිත් එක දැන් ජර්මනිය,ප්‍රංශය වගේ කොළඹ ,තණමල්විල බැලුවාම දවස් 90ක විතර shoot එකක්. කොටස් 40 ගානකට. කවදාවත් දෙන්නේ නැ producer කෙනෙක් එහෙම කරන්න. දැනල් වලිනුත් එහෙම දෙන්නේ නැ.එවකට චැනල් වල තිබ්බ මතවාදය තමයි ලංකාවේ ටෙලිනාට්‍ය එහෙම ජනප්‍රිය කරන්න බැ. සල්ලි හම්බ කරන්න බැ කියන එක.  ඉතිං ඔය හැම එකක්ම අපි බින්ඳා. අපේ ගොඩක් හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. ඒ අයට මේක විවර කරලි දීලා අපේ නාට්‍ය ක්ෂේත්‍රයේ අපිට ජයගන්න පුළුවන් තැනක් මේක.. දැන් ඔන්න සිංහල ටෙලි නාට්‍ය හොයනවා. විදේශිය ටෙලි නාට්‍ය වලට තියෙන ඉල්ලුම අඩුවෙලා තියනවා දැන්..


තණමල්විල කොල්ලෙක් ගැන කතා කරද්දී යශෝදරා සහ දීප්ත අතර තිබුණු ඒ අප්‍රකාශිත අමුතුම ආකාරයේ ආදරය බොහෝම සංඥමයකින් නිර්මාණය කරලා තිබ්බා.. යශෝදරාගේ මරණය වනතුරු ඒ හැඟිම මොකද්ද කියන එක මිනිසුන්ට හිතාගන්න බැරි තැනකට දෝලනය කරා. ඔබ ඇයි මේ චරිතේට යශෝදරාව තෝරගත්තේ? මම යශෝදාට පිටපත දුන්නාම ඇය එක කියවලා මට කෝල් කරා. මල්ලි උබ පටන් අරගෙන තියෙන්නේ ටිකක් ලොකු වැඩක්.. මම කැමති මට සතුටුයි මේකට මට වෙනස් චරිතයක් කරන්න හම්බවෙලා තියනවා. මට දෙන්න පුළුවන් හුඟාක් support දුන්නා එතුමිය. අපේ ජිවිත වල තියනවා සැඟවුණු කලාප.දීප්තගේ ජිවිතේ ගොඩනැඟෙන්න අධ්‍යාපනය කියන දේ ගොඩක් වැදගත් වෙනවා. මම මගේ ජිවිතේ ගොඩගහගත්ත අත්දැකීම් ටික තමයි තණමල්විල කොල්ලෙක් හරහා කිව්වේ.. එක මට එතකොට අමුතු දෙයක් නෙමෙයි. එ වගේම තමයි ජිවිතේ අපිට යශෝදරා වගේ අක්කලා හම්බ වෙලා තියනවා. ඉතිං මම මේ චරිත දෙක ගානට අරගෙන ගියා කියලා හිතනවා.. එකේ අපි නොකියපු තැන් තියනවා..



අපේ රටේ තරුණ පරම්පරාව දේශපාලනය දිහා බැලුවොත් වත්මන් දේශපාලන ධාරාව පිළිබඳ , දේශපාලන වේදිකාව පිළිබඳව ඔබ දරණ මතය මොකද්ද තරුණ පරපුර එක්ක බලනකොට?
මම කැමති තරුණ පරම්පාරව දේශපානය මීට වඩා සවිඥානික විය යුතුයි කියලා. කෙටියෙන්ම කිව්වොත් තාත්තා මොන වැරැද්ද කරත් පුතාටත් කතිරයක් ගහන චරියක් අපි. මම හිතනවා සමාජයේ පෙරදැකුම්කරුවෝ වගේ එහෙම මිනිස්සු නැතිවිමත් එක්කම තමයි මේ සමාජය පිරිහෙන්නේ.. හරි දේශපාන වටපිටාවක් තෝරගන්න බැරි හරි කෙනාව තෝරගන්න බැරි වටපිටාවකට ඇවිල්ලා ඉන්නේ.. කලාකරුවන්ගේ තියන නිහඬත්වය තමයි මගේ මතය නම්.ඕනම දියුණු රටක කලාව ඉස්සරහින් තියෙන්න ඕනි.. ඉතිං මේ දේවල් ගැන මීට වඩා පුළුල්ව හිතන්න ඕනේ..


සම්මාන උළෙලකට සහභාගී වුනත් අපි ඔබව දකින්නේ ඔය විදිහටමයි. ඔබේ ඇඳුම වෙනස් වෙන්නේ නැ.. ඔබ හරිම සරලයි. ඔබ කොහොමද නළුවෙක් නියන දේ ඔළුවට ගන්නෙ නැතුව ඉන්නේ?
මම අමුතුවෙන් හිතලා මෙහෙම ඉන්න හදනවා නෙමෙයි. මේක මගේ විදිය. මට ජිවිතේ ආපස්සට හැරිලා බලද්දී ජිවිතේ හරි සතුටින් ඉන්නේ... මම හිතනවා නළුවෙක් වුනා කියලා මට අමුතුවෙන් රඟපාන්න බැ.


ඔබ ඉතාමත් හොඳ පවුල් ජිවිතයක් ගත තරන රංඟන ශිල්පියෙක්. ඔබේ බිරිඳ සංජීවනි. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.ඔබ හැමවේලාවේම ජංගම දුරකථනය අරගෙන බලන්නේ ඔබේ දරුවන් දිහා?
මට එහෙම පළුවත් එහෙම ආවාම මට ගෙදර වෙන දේවල් එහෙම මතක් වෙනවා.. මම රංගන ශිල්පියෙක් වෙද්දී හිතුවා මේක ඇවිල්ලා මාර තැනක් තමයි කියන එක. එත් මේ ෆිල්ඩ් එකට ආවට පස්සේ තමයි දැනෙන්නේ අපේ වෘත්තීමයභාවය කොතනද තියෙන්නේ කියලා.. මම ගේ ඇතුළට ගියාට පස්සේ මට මොන ප්‍රශ්නේ තිබුණත් මගේ දරුවොත් එකක් ඉන්න එක බිරිඳත් එක්ක ඉන්න එක ගෙදර අයත් එකක් ඉන්න එක මම හිතනවා මම විශ්වාස කරන දෙයක් තමයි මොනදේ වුනත් අවසානේ ඉතුරු වෙන්නේ ගෙදර විතරයි කියන එක.


අද සිංහල ටෙලි නාට්‍ය වලට නැවතත්  හොඳ ඉල්ලුමක් ලැබිලා තිබුනත්  බොහෝ තරුණ පරම්පරාව පෙළඹෙනවා කොරියන්  කතා, තුර්කි ටෙලිනාට්‍ය මේවගේ ටෙලි නාට්‍ය බලන්න. මේ ප්‍රවණතාවය ඔබ දකින්නේ කෙහොමද?
ඒක හරිම ඛේදජනකයි. ටෙලිවිෂන් එක කියන්නේ අපි සල්ලි දීලා බලන එකක් නෙමෙයිනේ..හැම ගෙදරකම වගේ ටෙලිවිෂන් එකක් තියනවා. මෙකේ ස්විච් එක කැරකුවාහම මෙකේ පෙන්නන දේවල් අපි බලනවා.. ටෙලිවිෂන් එක්ක ඉස්සරහා තමයි සමස්ත ප්‍රජාවම ගොඩනැඟෙන්නේ.. මගේ දරුවෝ පොඩි කාලේ ඉඳන්ම ටෙලිවිෂන් එකත් එක්ක තමයි ඉන්නේ. මම බලන්නේ පුළුවන් තරම් එයලාට හොඳ දේවල් විතරක් පෙන්නන්න. කොරියන් ටෙලි නට්‍ය බලනවා නෙමෙයි බැලෙනවා.. මොකද හේතුව ඒවා වෙනස් කරගෙන බලන්න දෙකුත් නැ.. කොටස් සියය,දෙසීය,තුන්සිය යන ටෙලිනාට්‍යක් අවුරද්දක් එකහාමාරක් යනවානේ මේ ටෙලිනාට්‍ය. එතාකොට ඒ මිනිස්සුන්ට බලන්න දෙයක් නැනේ.. හොඳ ටෙලිනාට්‍යක් නැහැ..පහුගිය අවුරුදු 5-6 ම අපිට දිලා තිබුන එක තමයි ලංකාවේ ටෙලිනාට්‍ය කරන්න එපා ලොකු ගණන් වලට කරන්න එපා මෙන්න මේ වගේ rates වලට කරන්න කියලා. එක ඇතුළේ හොඳ නාට්‍ය කරන්න බැ අපිට. ඉතිං මේක හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි.


මම විශ්වාස කරනවා ඕනම තරුණයෙක්ට තරුණියකට හොඳ රසවින්දනයක් ආවොත් එහෙම එතනින් එහාට නැ ජිවිතේ.. අපි රංගන පාඨමාලා වැඩමුළු කරනකොට හිටපු ගමන් ඔය වෘත්තීමය තලවල ඉන්න අය එනවා.. ඩොක්ටර් කෙනෙක් වුනත් කවුරු වුනත් රසවින්ඳනය කියන එක ඉතා වැදගත්.. එනක් එකක් මිනිස්සුන්ගේ ජිවිතේ වෙනස් වෙනවා.. ටෙලිවිෂන් එක පිස්සු නැටුවොත් එහෙම වල්බුරු සමාජයක් තමයි අපිට හැදෙන්නේ..


ඔබ මෙතනින් එහාට කොහාටද යන්නේ?
මම හිතන්නේ මම තාම පටන් ගත්තා විතරයි. මට මීට වඩා වැඩකරන්න පුළුවන් කෙනෙක්. මට මිනිස්සුන්ගේ හදවත් කොනිත්තන්න පුළුවන් කෙනෙක්.

Source - https://www.gossiplankanews.com/2021/05/roshan-raveendra.html


Previous Post Next Post