පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා, වැඩ ඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරිවරයා වහාම සේවයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාල පාලක සභාව විසින් පියවර ගෙන තිබේ. මෙලෙස සේවයෙන් නෙරපා හැර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි සමන් රාජපක්ෂ, විශ්වවිද්‍යාලයේ වැඩ ඉන්ජිනේරු පුෂ්පික පණඩිතරත්න සහ වැඩ අධිකාරී යූ. බණ්ඩාරනායක නමැත්තන්ය.
එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරයාට අයත් පේරාදෙණිය, රිවස්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගිය දෙසැම්බර් මස දිනෙක විශ්වවිද්‍යාල සේවක පිරිසක් රාජකාරී වේලාව තුළ යොදාගැනීම සහ ඒ සඳහා විශ්වවිද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව රැගෙන යෑම යන චෝදනා මත ඔවුන් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ. අදාළ නිවසේ විශ්වවිද්‍යාල සේවක පිරිස සේවයේ නිරතව සිටියදී රජයේ විගණන අංශ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් එම පිරිස තම භාරයට ගෙන තිබේ. චෝදනා ලත් පිරිස ඊට එරෙහිව කළ කරුණු දැක්වීමට අනුව පාලක සභාව මගින් පරික්ෂණයක් සිදු කර තිබිණි.
වැඩ අධිකාරිවරයා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කටයුත්තක් සඳහා අදාළ පිරිස යොමු කරවන බවට සටහන් දමා ලේඛකාධිකාරිවරයාගේ නිවසේ සේවය සඳහා යවා තිබෙන බවටද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.මේ සම්බන්ධව කළ විමසීමකදී විශ්වවිද්‍යාල පාලක සභාවේ නියෝජිතයෙක් ප්‍රකාශ කළේ එලෙස සේවයෙන් නෙරපා හරින ලද තිදෙනාම ඔවුන්ගේ තනතුරුවලට අලුතෙන් පත්ව පරිවාස කාලසීමාවක් ගතකරමින් සිටි අය බවයි.
Source - https://www.gossiplankanews.com/2021/10/peradeniya-university.html
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala