"ක්‍රීඩා කෞෂල්‍යයන් සඳහා ප්‍රවේශය සහතික කිරීමේ ව්‍යාපෘතියේ ක්‍රීඩා අමාතයංශ උපදේශකවරියක වශයෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය වයස අවුරුදු 55 සම්පුර්ණ වන දින තෙක් ලබාගැනීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එය අගෝස්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි ලබාගැනීමට නියමිතය.
ඒ අනුව මලල ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ අපේක්ෂා ඉටු කරගැනීම සඳහා කුසලතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව තුළ දිගටම රඳවා ගැනීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම හා අභිප්‍රේරණය කිරීම තුළින් 2024,2028 හා 2032 ඔලිම්පික් තරගාවලි මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා ප්‍රවේශ ඇනී කිරීම වෙනුවෙන් මෙම පත් කිරීමේ කාලය දීරිඝ කිරීමට තීරණය කර ඇති බවද දැක්වේ.
Source - https://www.gossiplankanews.com/2021/10/susanthika-jayasinghe.html
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala