ගායිකා ෂකිරාට ස්පාඤ්ඤයේදී වල් ඌරු ප්‍රහාරයක්

 


ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ උද්‍යානයකදී වල් ඌරන් රංචුවක් පැමිණ තම අත් බෑගය උදුරාගෙන පහරදීමක් සිදු කළැයි සංගීත ලෝකයේ තාරකාවක වන පොප් ගායිකා ෂකිරා දන්වා තිබේ.
44 හැවිරිදි ලෙබනන් සම්භවය ඇති කොලොම්බියානු ගායිකාවක වන ෂකිරා ඇගේ අට හැවිරිදි පුතු මිලාන් සමඟ උද්‍යානයේ ඇවිද යමින් සිටියදී මෙම පහර දීම සිදුව ඇත. වල් ඌරන් ඇගේ බෑගය රැගෙන ගොස් එහි තිබූ තම අයිෆොන් වර්ගයේ ජංගම දුරකථනය ඇතුළු සියල්ල විනාශ කළ බවද ඇය කියා තිබේ.
ෂකිරාගේ මුහුණ නොපෙන්වන ඇගේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ පළ කර ඇති දර්ශන වල, ගායිකාව සතුන් විනාශ කළා යයි කියන සිය බෑගයක් පෙන්වූවාය. 

Source - https://www.gossiplankanews.com/2021/10/Pop-star-Shakira-attacked-two-wild-boar-snatched-handbag-Barcelona-park.html

Previous Post Next Post