පසුගියදා අනේදෝලනාත්මක හැසිරීමක් වාර්තා කළ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව අනූරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. ඉකුත් 12 වන දා සවස 6.05 ට පමණ සිය ආරක්ෂකයින් සමඟම බන්ධනාගාරයට පැමිණි වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා තමන්ව දණ ගස්වා අමානුෂික ලෙස බැණ වැදුණු බවත් පූපාලසිංහම් සූරියපාලන් නමැති රැඳවියකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම නිසා ඔහුව ජීවිත හානි භීතියට පත් කළ බවත් එම පෙත්සමින් දැක්වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා විසින් තමාට ලබාදී ඇති බව එම අවස්ථාවේ රාජ්‍ය ඇමතිවරයා දන්වා සිටි බවද පෙත්සමේ දැක්වේ. මේ සංසිද්ධිය නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් වග උත්තරකරුවන්ට දඩුවම් පමුණුවන ලෙසත් තම ආරක්ෂාව වෙනුවෙන් තමන්ව යාපනය බන්ධනාගාරයට මාරුකරන ලෙස අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසත් අධිකරණයෙන් අයැද තිබේ. තමන්ට ඇප ලබාදීම සලකා බලන ලෙසද ඉල්ලා තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ව සහ නීතිපතිවරයා ව නම්කර තිබේ.Source - https://www.gossiplankanews.com/2021/10/blog-post_1.html
Tags:
e news sinhala gossip lanka
generalization
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news