සොරකමකට වරදකරු වී සිරදඬුවම් නිය වී සිටින සිරකරුවකු වෙනත් නඩුවකට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17) ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු සගවාගෙන ආ අසුචි පාර්සලයක් මහේස්ත්‍රාත් අසුන දෙසට එල්ල කර ඇති බව සිද්ධිය දුටුවෝ පැවැසූහ.
බන්ධනාගාරය බාරයේ ඉදිරිපත් කළ සැකකරුවකු එවැනි පාර්සලයක් රැගෙන ඒම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කළේය. එම අසුචි පාර්සලය මහේස්ත්‍රාත් අසුන අසල විදුලි පංකාවේ ගෑවී නොගෑවී බිම වැටී තිබූ අතර, එම පාර්සලය කැඩී ඉහිරි නොයාම නිසා අධිකරණ කටයුතුවලට ඉන් බාධාවක් නොවීය.
ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, එසේ කළේ ඇයි දැයි සැකකරුගෙන් විමසා ඇති අතර, අම්මා පමණක් නිවෙසේ සිටින බව ද ඇප ලබාගැනීමේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වූ බව ද ඔහු එවිට පවසා ඇත. ගන්දර නාඔටුන්න ප්‍රදේශයේ පදිංචි එම සැකකරුට සොරකමකට වරදකරු වී මීට වසරකට පමණ ඉහත දී සිවූ අවුරුදු සිරදඬුවමක් නියම විය. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී යකඩ සොකරම් කිරීමේ සිධියක් සම්බන්ධයෙන් ඔහුට තවත් නඩුවක් තිබෙන අතර, එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරු අධිකරණයට රැගෙන එනු ලැබීය. නඩු විභාගය අවසන් වී සැකකරු විත්ති කුඩුවෙන් බැස යද්දී අසූචි පාර්සලය විසිකර තිබෙන බව කියති.
එය අධිකරණ කටයුතුවලට බාධාවක් කර නොගත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, ඉන් අනතුරුව තවත් නඩු දෙකක් කැඳවා, දිවා ආහාරය සඳහා වෙනත් දිනවලට වඩා වේලාසනින් අධිකරණ කටයුතු නතර කළේය. ඉන් අනතුරුව දිවා විවේකයෙන් පසු සාමාන්‍ය පරිදි උසාවි කටයුතු පවත්වාගෙන ගොස් ඇත. එම සිදුවීම වන අවස්ථාවේදී, ගන්දර පොලිසියේ ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරින් ද බන්ධනාගාර නිලධාරින් ද නීතිඥවරුන් ද අධිකරණ නිලධාරින් ද උසාවියේ සිට ඇත.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala