ලොව බොහෝදෙනා අතර වඩාත් ජනප්‍රිය සහිත ප්‍රහේළිකා මාදිලියක් වන "සුදොකු'' ප්‍රහේළිකාවේ නිර්මාතෘවරයා මෙන්ම පළමු වැනි ප්‍රකාශකයාද වන ජපාන ජාතික මාකී කජී අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඔහුගේ මෙම සොයා ගැනීමත් සමග 'සුදොකු ප්‍රහේළිකාවේ පියා' යන අනුවර්ථ නාමයෙන්ද හඳුන්වා තිබුණි. අභාවප්‍රාප්ත වනවිට මාක් 69 හැවිරිදි වියේ පසුවිය. පිළිකාවක් හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇතැයි පැවසෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව මුද්‍රණ සමාගමක රැකියාව කළ මාකි පසුව 1980 දශකයේදී
පමණ ස්තානයේ පළමු වැනි ප්‍රහේන්ද්‍රිකා සඟරාව ආරම්භ කර ඇත. එහිදී ඔහු මෙම අංක ඇතුළත් ප්‍රහේළිකා මාදිලිය හඳුන්වාදී ඇති අතර, පසුව එය 'සුදෝකු ලෙස නම් කර තිබේ. තිරස්ව සහ සිරව කොටු 9යි 9කින් සමන්විත වූ ප්‍රහේළිකාවක් වන මෙහිදී, එය ක්‍රීඩාකරන තරගකරුවන්ට එකම අංකය. දෙපාරක් සටහන් නොවන ආකාරයට සිරස්ව සහ තිරස්වව ඇති කොටු තුළ අංක එකේ සිට නවය දක්වා ඉලක්කම් ලිවිය යුතුව තිබේ. ජපානය තුළ ලැබූ සාර්ථකත්වයත් සමග බටහිර පුවත්පත් පවා මෙම සුදොකු පෙහෙලිකා සිය පුවත්පත් තුළ මුද්‍රණය කර පාඨකයන් සඳහා ලබාදීම සිදුවිය. එසේ 2006 වසරේ සිට සුදාකු ලෝක ශුරතා තරගාවලියක්ද සංවිධානය වෙයි.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala