ඉතාලියේ සිට මෙරටට ආ 27 හැවිරිදි තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව අවාසනාවන්ත ලෙස කොරෝනා රෝගයට ගොදුරුවී මියයාමේ සිදුවීමක් වාර්තාවේ. ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයකු සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මියගොස් ඇත.
සිය විවාහ මංගල උත්සවය පවත්වා මනමාලිය කැන්දාගෙන යළි ඉතාලි බලා යාමට ඔහු සූදානමින් සිටි බව පැවසේ. නමුත් ඔහු ලංකාවට පැමිණි පසුව අනපේක්ෂිත ලෙස මවගේ අසනීප තත්වය නිසා මංගල උත්සවය පමා කර ඇති අතර මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් සති දෙකකට පමණ පෙර මියගොස් ඇත. මව මියයාමෙන් පසු ටික දිනක් නිවසේ සිටියදී ඔහුටද රෝග ලක්ෂණ පහළව ඇත.ඔහු වයස 30 ට අඩු අයකු වුවද ඉතාලියේදී එන්නත්කරණයට ලක්ව සිට ලංකාවට පැමිණි අයෙකි.
කෙසේ වෙතත් ඔහු රෝග තත්වය උත්සන්න වෙතැයි මුලදී සිතා නැති නමුත් ඉතා ඉක්මණින් දින දෙකක් වැනි කාලයක් තුළ ඔහු බරපතල හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළී ඇත. විවාහ වීමට සිටි පෙම්වතියගේද උදව් ඇතිව ඔහු රෝහල්ගතව සිටියේය. නමුත් අවාසනාවන්ත ලෙස ඔහු කොරෝනාව උත්සන්නවී මියගියේය.
Source - https://www.gossiplankanews.com/2021/08/27.html
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala