වසර එක හමාරකට පෙර අග්‍රාමාත්‍ය ධුරය බාරගෙන, අග්‍රාමාත්‍ය නිල නිවසේ පදිංචියට ආ දිනයේ පටන් උදෑසන ආහාර වෙනුවෙන් වැය කළ සියලුම මුදල් රජයට ලබාදෙන බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් ඊයේ (2)පැවැසුවාය. තිස්පස් හැවිරිදි අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවැසුවේ, ඇය පවුලේ සාමාජිකයන් සමග ජනතා බදු මුදලින් මාසයක කාලයක් උදෑසන ආහාර ලබා ගත්තැයි එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.
අග්‍රාමාත්‍ය සන්නා මරින්, ජනතා බදු මුදල් උදෑසන ආහාරය සඳහා භාවිතයට ගත්තැයි අනාවරණය කළේ ' ඒල්ටෝලැටි නැමැති ෆින්ලන්ත ටැබ්ලොයිඩ් සඟරාවය. එම අනාවරණයත් සමග පොලිසිය ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ද ආරම්භ කළේය. තමන් කිසිදු වරදක් නොකළ බවත්, අග්‍රාමාත්‍ය බලතල අවභාවිතයට ලක් නොකළ බවත් අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදී සහතික වූවාය.
ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයාට ආහාර වෙනුවෙන් විශේෂ දීමනාවක් හිමි නොවන නමුත්, නිල නිවසේ (කෙසරෙටා මන්දිරයේ )පදිංචියට පැමිණෙන රාජ්‍ය නායකයන්ට ආහාර පාන ලබාදීම රජයේ වියදමින් සිදුවෙයි. තමන්ට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරුන්ට එසේ උදෑසන ආහාරය අග්‍රාමාත්‍ය නිල නිවසින් ලැබුණු බව සනා මරීන් පෙන්වාදී ඇත. අග්‍රාමාත්‍යවරියගේ උදෑසන ආහාරයට සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ වෙද්දී, විපක්ෂය දේශපාලන කණ්ඩායම්වලින් ද අග්‍රාමාත්‍යවරියට දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නට වූ අතර එම චෝදනා මේ වනවිට ජනතා අප්‍රසාදයක් ෙතක් දුරදිග ගොස් ඇතැයි පැවැසෙයි.
“මා වරදක් කරලා නැහැ. ඒත් ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ඒ ගැන සොයා බැලීමක් කළ යුතුයි. පොලිසිය විමර්ශනයක් පවත්වනවා. මාගේ සහයෝගය ඊට ලැබෙනවා. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාගේ ආහාර දීමනාවක් සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි අධ්‍යයනය කළ යුතු වෙනවා. එය එසේ සිදුවේවි. ඒ අතරතුරේ, අග්‍රාමාත්‍යවරිය ලෙස මට කරන්න රාජකාරි බොහොමයි. උදේ ආහාරය සඳහා වැයවුණු වියදම් ගැන වද වෙන්න වෙලාවක් මට නැහැ. ඒ නිසා මා තීරණය කළා මා අග්‍රාමාත්‍ය නිල නිවසේ පදිංචියට ආ දිනයේ පටන් උදේ ආහාරය වෙනුවෙන් වැය කළ යූරෝ 14,000 ක මුදල රජයට ලබා දෙන්න.” යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ සිය ස්ථාවරය පැහැදිලි කළාය. සනා මරින්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ වසර එකකට පෙරය.
“මා වරදක් නොකළ බව තහවුරු වී, අග්‍රාමාත්‍යවරයාට ආහාර දීමනාවක් ලැබිය යුතු බව තහවුරු වුවත්, මින් ඉදිරියට මා එම ආහාර දීමනාව ලබා ගන්නේ නැහැ." යැයි ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. 'ඒල්ටෝලැටි සගරාව පසුගිය 28 වැනිදා චෝදනා කර තිබුණේ අගමැතිනිය මාසයක කාලයක් උදෑසන ආහාර සඳහා ජනතා බදු මුදල් වියදම් කර ඇති බවත් එම මුදල යූරෝ 300 (රුපියල් 72,431 ක් පමණ) බවත්ය.
ෆින්ලන්ත නීති විශාරදයන් පෙන්වා දෙන්නේ රටේ අග්‍රාමාත්‍යවරයාගේ ආහාර දීමනා සම්බන්ධයෙන් ඇති රෙගුලාසි පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවය. කෙසේ නමුත්, අග්‍රාමාත්‍ය සන්නා මරින් බදු ගෙවන්නන්ගේ මුදල් ආහාර සඳහා වැය කර ඇති නම් එය සම්පූර්ණයෙන් නීතිවිරෝධී ක්‍රියාවක් බවත් බරපතළ වරදක් බවත් ඔවුහු පෙන්වා දෙති. අග්‍රාමාත්‍යවරිය වරදක් කර ඇතැයි අධිකරණය හමුවේ තහවුරු වුවහොත්, අගමැතිනියට මෙම මුදල යළි ගෙවීම අනිවාර්යය වන බවත්, ඇයට නියම වන දඬුවම නඩු විභාගයේදී තීරණය වනු ඇති බවත් නීති විශාරදයන් පසුගිය සති අන්තයේ පෙන්වා දී ඇත.

Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala