ව්‍යාජ කැඳවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීතිය ප්‍රතිපාදන පවතින බව පොලිස් ප්‍රධානීහු පවසති. මෙයට අමතරව එලෙස නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් පනස්දාහක දඩ මුදලක්ද පැනවිය හැකි බව එම ප්‍රධානීහු සඳහන් කරති.නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සේවා කැඳවීමේ ව්‍යාජ ලිපි යොදා ගනිමින් විශාල පිරිසක් කොළඹ නගරයට පෙරේදා (31) දිනයේදී ඇතුළුවී ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත.අවම සේවකයන් පිරිසක් කැඳවීමට ලබාදී තිබු අවසරය ඇතැම් ප්‍රධානීන් අවභාවිත කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇති බවත් එම ප්‍රධානීන් සොයා ගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මේ අතර, කොළඹ නගරයට ඊයේද විශාල පිරිසක් පැමිණි බව පොලිස් නිලධාරීහු පවසති.
Tags:
e news sinhala gossip lanka
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala
gossip sinhala news update