MV X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් පසුව ඉන් පරිසරයට ඒකතු වූ අපද්‍රව්‍ය එකතු කළ පිරිස සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව පොලීසිය පවසයි. රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් ද අඩංගු වීම හේතුවෙන්, එම ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියද බොහෝ පිරිසක් එක්ව අදාල අපද්‍රව්‍ය එකතු කිරීමට එක් රොක්වූ බව වාර්තා විය. ඒ් අනුව, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක, නිවෙසින් බැහැරව අපද්‍රව්‍ය එකතු කළ පිරිස නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එම ද්‍රව්‍ය ස්පර්ශ කිරීම හානිකර වනු ඇති බවත්, ඒ් හේතුවෙන් වෙරළට ගොඩ ගසන ද්‍රව්‍ය එකතු කිරීමෙන් වලකින ලෙස පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවා තිබූ මොහොතක මෙලෙස විශාල පිරිසක් අදාළ ද්‍රව්‍ය රැස් කිරීම දැක ගත හැකි විය.
එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් කොළඹට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් (කිලෝමීටර් 18) පමණ නැංගුරම් ලා ඇති අතර දින හයකට පෙර ගින්න හටගන්නා විට එහි වරායට ඇතුළු වීමට බලා සිටියේය. සිංගප්පූරු ධජය සහිත නෞකාවට රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම නිසා ගින්න හටගෙන ඇති බව නාවික හමුදාව විශ්වාස කරයි.
මෙම නෞකාව මැයි 15 වන දින ඉන්දියාවේ හසිරා වරායට පටවන ලද නයිට්‍රික් අම්ල ටොන් 25 ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය ඇතුළු බහාලුම් 1,486 ක් රැගෙන ගියේය. මෙම නෞකාවේ 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට පිලිපීන, චීන, ඉන්දියානු සහ රුසියානු ජාතිකයන් ඇතුළත් වේ. නෞකාව හිමිකාරීත්වය දරන සහ ක්‍රියාත්මක කරන එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස්, කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව සනාථ කළ අතර,
ගින්න නිවා දැමීමට සහ යාත්‍රාව සහ එහි භාණ්ඩ බේරා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් හා හදිසි සේවා සමඟ සමීපව කටයුතු කරන බව පැවසීය. විශේෂිත ගිනි නිවීමේ උපකරණ යුරෝපයෙන් පැමිණ ඇති අතර ගැලවීමේ මෙහෙයුම් සඳහා ද එක්වනු ඇතැයි එහි සඳහන් ය.

Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala