නවතම කොරෝනාවෙන් මියගිය අයගේ ලැයිස්තුවට ඇතුළත්වූ 22 හැවිරිදි තරුණිය පිළිබඳ විස්තරයක් අපට ලැබී තිබේ. උදාරි විශ්මිකා නමැති ඇය ගාල්ල අම්බලන්ගොඩ පදිංචිව සිටියාය. මව හා පියා විදේශ ගතව සිටි බවත් කියැවේ. ඇය සේවය කරමින් සිට ඇත්තේ අම්බලන්ගොඩ සිටි ලැබ් නමැති රසායනාගාරයෙහිය. එහි සේවය කරමින් සිටියදී ඇයට ශරීර අපහසුතා දැනී අම්බලන්ගොඩ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත්ව ඇති අතර මුලදී ප්‍රතිකාර කර ඇත්තේ වෙනත් රෝගයක් යයි සිතාය.
නමුත් සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී ඇය කොරෝනා සඳහා ධනාත්මකවී ඇත. ඉතාම ටික දිනක් ඇතුළත ඇයගේ තත්වය සංකීර්ණ වී තිබේ. අම්බලන්ගොඩ රෝහලින් කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇය මාරු කරනු ලදුව පසුගිය 18 වනදා ඇය ජීවිතයෙන් සමුගත්තාය. ඇයගේ මරණ පරීක්ෂණයේ සටහන්ව ඇත්තේ කොවිඩ් නිව්මෝනියාවෙන් මියගිය බවයි.
ඇය සේවය කරමින් සිටි රසායනාගාරයට විවිධ සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට හා පරීක්ෂණ සඳහා පිරිස් පැමිණ තිබූ අතර ඇය හැකි තරම් ආරක්ෂාවී සිය සේවා කටයුතු කළත් එසේ පැමිණි කිසිවෙකුගෙන් මෙම රෝගය බෝවන්නට ඇතැයි සැක කෙරේ.අවුරුදු 22 ක ඉතා අඩු වයසකින් උදාරි විශ්මිකා තරුණියට ජීවිතයෙන් සමුගන්නට සිදුවූයේ හිතවතුන් කම්පනයට පත් කරමිනි.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
news lanka gossip
sinhala entertainment gossip
sinhala gossip facebook
sinhala hit gossip
today sinhala gossip in sri lanka