ඊයේ (06 වැනිදා) අලූයම 6.00 ට පමණ මීගොඩ නගරයේ ඉන්ධන පිරවුම් හලක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඉන්ධන ලබාගන්නා අවස්ථාවේ ඉන්ධන පිරිවුම් හලක සේවකයකු
මුව ආවරණ නොපැළඳි එම එක් පුද්ගලයකුගෙන් ‘මාස්ක්’ කෝ යයි විමසීමේදී කෝපයට පත්වූ එම පුද්ගලයා අනෙකා සමග එක්ව අමානුෂික ලෙස පහරදී ඔහු ඔසවා පොළොවේ ගසා තුවාල කර පලා ගොස් ඇතැයි වාර්තාවෙයි.
පහර කෑමට ලක්ව තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හල් සේවකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ මීගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala