ඔක්තෝබර් මාසයේ ප්‍රාථමික පාසල් ඇරඹිය හැකියි - අධ්‍යාපන ඇමති

 


මේ ඔක්තෝබර්  මස අවසන් වීමට පෙර අදියර වශයෙන් මෙරට ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමේ හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේය. "මේ මාසය ඉකුත්වීමට පෙර අපි ක්‍රමානුකූලව ,
අඩියෙන් අඩිය, අපේ රටේ දරුවන් යන ප්‍රථමික පාසල් විවෘත කිරීමට පුළුවන් ඉලක්කයට අපි ගමන් කරනවා කියන ටික, අධ්‍යාපන අමාත්‍යතුමා හැටියට, ප්‍රකාශ කරන්න ඕනේ."

මාදිවෙල ජනතා පොළේ ඉදිරි කිරීම් ආරම්භ කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ  බව පවසා සිටියේය.
ඒ අනුව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ, සෞඛ්‍ය ක්‍රමානුකූලව පාසල තුළ දරුවන්ට අවශ්‍යය ආරක්ෂිත පරිසර ඇති කර අදියරෙන් අදියර පාසල් ආරම්භ කිරීමේ ඉලක්කයක් කරා මේ වනවිට වැඩ කටයුතු සිදු කරන බව ය.
කෙසේ වෙතත් පාසල් අරඹන දින වකවානුවක් ඔහු දන්වා සිටියේ නැත.

Source - https://www.gossiplankanews.com/2021/10/blog-post_02.html

Previous Post Next Post