කුරුණෑගල - මහනුවර මාර්ගයේ කටුගස්තොට මංසන්ධියේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි මහල් හතරකින් යුතු ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් පෙරේදා (12 වැනිදා) ගිලා බැසීමකට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පෙරේදා (12 වැනිදා) රාත්‍රී 7.00 ට පමණ මෙම ගොඩනැගිල්ල ගිලා බැස ඇත.
මෙම ගොඩනැගිල්ලේ මහල් පහක් වාණිජ කටයුත්තක් සඳහා භාවිත කෙරේ. ගොඩනැගිල්ල ගිලා බැසීම නිසා කිසිදු ජීවිත හානියක් සිදුවී නැති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. සෙනරත්ගම දෙකේ කණුව ප්‍රදේශයේ මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත. යකඩ කාප්ප යොදා තාවකාලිව ඉදිකරමින් පැවැති ගොඩනැගිල්ලේ සේවකයන් සිය කටයුතු නිමවා පිටව ගිය පසුව ගිලා බැසීමට ලක්වූ බවත්, මේ නිසා රුපියල් ලක්ෂ 50 ක පමණ පාඩුවක් සිදුවූ බව ගොඩනැගිල්ලේ හිමිකරු කේ. මහින්ද සිල්වා පවසයි.ගොඩනැගිල්ල ගිලා බැසීම නිසා කටුගස්තොට- කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව නතර කර ඇත. මේ අතර, පූඩළුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹල්ඔළුව චොයිසි ජනපදයේ නිවසක් මතට විශාල කළුගලක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. පෙරේදා (12 වැනිදා) දහවල් මෙම සිද්ධිය වී ඇත. නිවස සම්පූර්ණයෙන්ම විනාශවීම නිසා නිවසේ පදිංචිව සිටි පුද්ගලයන් හය දෙනකු අවතැන්ව සිටින අතර, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔවුන්ට සහන සැලසීමේ කටයුතු සිදුකරනු ලබයි.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala