බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එයට පක්ෂව ඡන්ද 61 ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 152 ලැබුණි. ඉන්ධන මිල වැඩිකරාට ගම්මංපිල වැරදිද නැතිද යන්න ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය ගෙන එනු ලැබුවේ සමගි ජනබලවේගයයි. එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් 43 දෙනෙකු ඊට අත්සන් තබා තිබුණි.
මෙම විශ්වාසභංග යෝජනාව සමස්ත අමාත්‍ය මණ්ඩලයට ගෙන ආ යුතු බවට වූ සංශෝධනයක් පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබුනද එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බැවින් ඉවත් කෙරිනි.
ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගර්භයේ නොසිටි අමාත්‍ය චමල් රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු,කුමාර වෙල්ගම චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද ප්‍රශ්න කිරීම් ඇති විය. උදය ගම්මංපිල අස්විය යුතු බවට ආන්දෝලනාත්මක ලියුමක් ලියූ සාගර කාරියවසම් ගම්මංපිලට එරෙහි විශ්වාසභංගයට විරුද්ධ විය.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala