කැස්බෑව කර්මාන්ත ශාලාවක 166 කින් 120 කට කොරෝනා - සාම්පල අනුව ප්‍රභේදය ඩෙල්ටා ‍



පසුගියදා සිදු කරන ලද පීසීආර්. පරීක්ෂණ 166ක් අතුරින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 120 දෙනෙකු පිළියන්දල ජබුරලිය පෞද්ගලික කර්මාන්තශාලාවකින් හඳුනා ගැනීමට හැකි වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සඳහන් කරයි. මේ හේතුවෙන් ඉදිරියේදී එම කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක කරන්නේද එසේනම් ඒ කුමන ආකාරයකින්ද යන වග සෞඛ්‍ය නිලධාරින් විසින් දැනුම් දීමෙන් අනතුරුව තීරණය කරන බව වැඩිදුරටත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මෙම කොවිඩ් රෝගීන් අතුරින් නියැදියක් තෝරාගෙන කළ පරීක්ෂණයකදී පැතිරගොස් ඇත්තේ ‘‘ඩෙල්ටා’’ ප්‍රභේදය  බවට තහවුරුවී තිබේ. මෙම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා ආසාදිත රෝගියකු හමුවීම හේතුවෙන් එහි අංශ කිහිපයක සේවක  සේවිකාවන් 166 දෙනකුට ඉකුත් 19 වැනිදා පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ  අතර, ඉන් සේවක සේවිකාවන් 20 දෙනකුගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත පරික්ෂණ සඳහා යොමු කර තිබිණි.

එම සාම්පල 20න්, 11 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඉන් සාම්පල හයක් අහඹු ලෙස ගෙන පරික්‍ෂා කිරිමේදී ඉන් පස් දෙනකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් බවට තහවුරු වී ඇත. අනෙක් සාම්පල 146න් ද 109 දෙනකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියන් දෙදෙනකු කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට  පැමිණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සමඟ එම කර්මාන්තශාලාව   වෙත ඊයේ (20 වැනිදා) ගොස් පාලනාධිකාරියට මෙන්ම ආසාදිත සේක සේකාවන්ට අවශ්‍ය උපදෙස් දී ඇත. මෙම කර්මාන්ත

Source - https://www.gossiplankanews.com/2021/07/kesbewa-factory-covid19.html

Previous Post Next Post