මේ පිළිබඳ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ලෝකයේ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් එම මැණික් තුන පොලිස් විශේෂ කාර්ය බළකායේ අධි. ආරක්ෂාව යටතේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් ගොඩනැගිල්ලෙන් ඉවත් කර ලංකා බැංකු සේප්පුව වෙත රැගෙන ගිය බවයි අධිකාරියට අයත් අනෙකුත් වටිනා ලියවිලි ඇතුළු සියලුම දෑ නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ තුමිය වෙත රැගෙන යාමට කටයුතු කළ බවද වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්ව ය හමුවේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කළ අපනයන කටයුතු අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන තෙදින තුළ පමණක් සිදු කෙරෙන බවත්, අද (20දා) සිට අපනයන කටයුතු නාරාහේන්පිට රාජ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරෙන බවත් ඒ මහතා සඳහන් කළේය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනෙකුත් කටයුතුද කඩිනමින් නාරාහේන්පිට රාජ්‍ය අමාතයංශයේදී ආරම්භ කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.
Source - https://www.gossiplankanews.com/2021/07/bank-of-ceylon-gem.html