රට තුළ මාසයකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවතින්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.සංචරණ සීමා පනවා තිබෙන දින කිහිපයේදී පමණක් නොව ඉදිරි මාසයකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ සියල්ල කිසිදු හිගයකින් තොරව ගබඩාවල පවතින බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල
හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොතබමින් සතොස හරහා ස්ථාවර මිලකට ජනතාවට භාණ්ඩ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.සංචරණ සීමා පැවැතිය ද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සුපුරුදු සැපැයුම්කරුවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගැටලුවකින් තොරව පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවෙන් ලබාගැනීමේ හැකියාව පවත්නා බවත්, තොග බෙදාහැරීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට සහාය දක්වන සියලු පාර්ශ්වවල කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා කීය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ගබඩාවල ඇති තොග නිරික්‍ෂණයෙන් පසුව අමාත්‍යවරයා එසේ පැවැසීය.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala
gossip sinhala news update