සජිත් හා බිරිය ජලනිට කොරෝනා

 


තමන්ට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද (23) දින ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.විපක්ෂ නායකවරයා කියා සිටින්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඊයේ දිනයේදී සිය බිරිඳ රෝහල් ගත කොට සිදුකළ PCR පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතව ඇති බවට මුලින් හඳුනා ගත් බවයි.


සුව තමාට සිදුකළ PCR පරීක්ෂණයෙන් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව විපක්ෂ නායකවරයා දන්වා ඇත. පසුගිය සතියේදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබුනේ එන්නත් විදගැනීමට තමා යොමුවන්නේ ජනතාවට එන්නත් ලබාදීමෙන් පසුව බවත් ඒ නිසා තවම එන්නතක් විදගත්තේ නැති බවත්ය.


පසුගියදා පෝට් සිටි පනතට එරෙහිව විපක්ෂය ගෙනගිය එළිමහන් විරෝධතාවයටද විපක්ෂ නායකවරයා සහභාගීවූ අතර එම අවස්ථාවේ සෞඛ්‍ය නීති උල්ලංඝනයක් සිදුවූ බවටද පරීක්ෂණ පැවැත්විණි. විපක්ෂ නායකවරයා දිගටම පාර්ලිමේන්තුවටද පැමිණි අතර සිය පක්ෂයේ ප්‍රබලයින් හා සමීපව කටයුතු කළේය.

Previous Post Next Post