වැසි සහ සුළං සමග ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටී

 


වැසි සහ සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අද (26) දවස පුරා විදුලිබිඳ වැටීම් රැසක් සිදු වූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, බලංගොඩ, දඹුල්ල, කුලියාපිටිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක අද විටින් විට ඇතිවූ විදුලි බිඳවැටීම් හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් 70,000කට පමණ විදුලිය විසන්ධි වී තිබූ බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසී ය.

ඇතැම් බිඳවැටීම් යතා තත්වයට පත් කිරීමට අද පස්වරුවේ මෙම පියවර ගත් නමුත් වැස්සෙන් ඊට බාධා පැමිණි බව ද ජයවර්ධන මහතා කීවේය.

Source - https://www.gossiplankanews.com/2021/05/bad-weather-power-cut.html

Previous Post Next Post