කොටවෙහෙර, කුඩා මීතව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර මහ ගිරිඋල්ල ප්‍රදේශයේ හේන් යායක් මැද තිබිය දී සොයා ගැණුන බව කොටවෙහෙර පොලිසිය පවසයි. මෙම සිරුර ඇත්තේ මොන්නෑකුලම,
කුඩා මිතව පදිංචි එම්.එම්. මද්දුම බණ්ඩාර (67) නැමති අතුරුදන්ව සිටි එක් දරු පියෙකුගේ බවට හඳුනා ගත් බවද පොලිසිය සඳහන් කරයි. මියගොස් සිටි පුද්ගලයාගේ පාදයක් බිදී, මුණෙහි සහ සිරුරෙහි තුවාල සිදුව නාසයෙන් ද ලේ වහනය වී තිබු බව ද පැළඳ සිටි හෙල්මටය පොඩි කර දමා තිබු අතර සිරුර අසල වල් අලියෙකුලේ පා සටහන් තිබු බව ද පොලිසිය පවසයි. වල් අලියකුගේ පහර දීමකින් මෙම පුද්ගලයාගේ මරණය සිදු වන්නට ඇතැයි සැක කරන බවද, ඔහු පැමිණි බව කියන යතුරු පැදිය එම ස්ථානයේ නොතිබීම හේතුවෙන් එය සොයා පරික්ෂණ ආරම්භ කළ බවද පොලිසිය කියයි.මියගිය අය ඉකුත් සිකුරාදා (21) සවස තම බිරිඳගේ අසනීප තත්ත්වයකට බෙහෙත් ගැනීමට යතුරු පැදියෙන් කොට වෙහෙරට ගොස් ඇති අතර, බිරිඳට බෙහෙත් රැගෙන ආපසු එන අතරතුර නිවෙස අද්දරින් බිරිඳ බස්සවා මිතුරකු හමු වීමට යන බව කියා ගොස් ඇති බවද පසු දින (22) වැනිදා උදෑසන වන තුරු ද ඔහු නිවසට නොපැමිණි බවට නිවැසියන් පොලිසියට පැමිණිලි කළ බව ද පොලිසිය කියයි. මෙම හේන් යාය අසලින් ඊයේ 23 දහවල් ගමන් ගත් කාන්තාවක පුද්ගලයකු හේන් යාය මැද වැටී සිටිනු දැක පොලිසියට ඒ බව දන්වා ඇත. පසුව මෙම සිරුර අතුරුදන් පුද්ගලයාගේ සිරුර බවට හඳුනා ගත් බවද පොලිසිය කියයි..
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala
gossip sinhala news update