කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයකු පෙරේදා (23) වැනිදා අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයකු කළ පැමිණිල්ලක් අනුව ක්ෂණිකව සිදුකළ විමර්ශනයේ දී සිලින්ඩර් දෙක සමග සැකකරු රෝහල් පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැණුන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සොරකමට සම්බන්ධ වු තවත් සෞඛ්‍ය කාර්යය සහයකයකු ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එම පැමිණිල්ලට අමතරව හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක ද පැමිණිල්ලක් කරමින් එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක්ද සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක්ද කර ඇතැයි පොලිස් නිලධාරියා පැවසීය. කටුනායක කුරණ ගුවන් හමුදා කඳවුර පාර පදිංචි 38 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායකයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින්ද ජයසුන්දර මහතාගේ උපදෙස්මත අපරාධ අංශ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බී.එම්.සී. රත්න කුමාර මහතා පරික්ෂණ පවත්වයි.
Tags:
e news sinhala gossip lanka
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala
gossip sinhala news update