ඇස් අන්ධ කරන ඉන්දියාවේ කළු දිලීර රෝගය වැළදුණු අයෙක් අම්පාරෙන් හමුවෙලා

 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ ඉන්දියාවේ පැතිර යන කලු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි.

“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුණේ යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් පවතිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලු සහගතයි.“


එම දීලිරය නිසා නාසයේ හා අක්ෂියේ පේශිවලට හානි වන අතර  පසුව මොළයට බලපායි. ඇස් අන්ධවීමට ඉඩ පවති. මෙම දිලීරය වැළඳී මොළයට පැතිරීම වැළැක්වීමේ සැත්කම් ඉන්දියාවේ සිදුකරන අතර ඇතැම් අයට ඇස් ඉවත් කිරීමේ සැත්කම් සිදු කරන්නට සිදුව තිබුණි.
කොරෝනා රෝගය වැළඳී සිටින අයට පෙනහල්ලේ වේදනාව අවම වීමට ලබාදුන් ඖෂධයක අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙම රෝගය මුලදී ඉන්දියාවේ මතුවූ අතර පසුව එසේ නොවන අයට රෝගීන් හරහා මෙම රෝගය පැතිරුණ බව වාර්තා කර තිබුණි.

Source - https://www.gossiplankanews.com/2021/05/ampara-black-fungers.html

Previous Post Next Post